Friday, June 5, 2015

ස්වයංක්‍රීය පාලනයට දැවැන්තයෙකුගේ ආගමනය AUDI R8 Supercar

තාක්ෂණික ලෝකයේ නිම්වළලු පුළුල් කරමින් නිර්මාණය වන මෝටර් රථ අතර විද්යුත් බලයෙන් ක්රියාකරන මෝටර් රථ විශේෂ තැනක් ගනී. Hybrid මෝටර් රථ ලෝකයට පැමිණ වැඩි කාලයක් යන්නටත් මත්තෙන් මෙම විද්යුත් මෝටර් රථ ලෝකයට ආක්රමනය කිරීමට සැරසිය. මින් එහාට පැමිනීමට ඇත්තේ සූර්ය බලයෙන් හා හයිඩ්රජන් මගින් ධාවනය වන මෝටර් රථය. නමුත් එම ගමන් මග වෙනස් කරමින් රියදුරු නොමැතිව ගමන් කිරීමට හැකියාවකින් යුත් මෝටර් රථ නිෂ්පාදනය කිරීමට විවිධ සමාගම් ඉදිරිපත් විය. මේ එවන් මෝටර් රථ සමාගම් දැවැන්තයෙකුගේ ආගමනයකි. නමින් AUDI. මෙහි නවතම විද්යුත් ස්වයංපාලන මෝටර් රථයක් වන Audi R8 හි කථාවයි.

මිනිසා විසින් මිනිසාට පිහිටවීමට නිර්මාණය කළ ROMEO


මිනිසාට කෙදිනක හෝ පිහිටට එන්නෙ මිනිසෙක්මය. මෙම කියමන බොහෝ දුරට සත්‍ය වී තිබේ. නමුත් මිනිසෙකුගේ උපකාරයට රොබෝ යන්ත්‍රයක් පැමිණියහොත්? කොහොම වේවිද? 
Aldebaran Robotics සමාගම මේ සඳහා අතගසා තිබේ. මීට පෙරත් විවිධ රොබෝ යන්ත්‍ර මිහිපිට නිර්මානය වුවද, තාත්ත්වික අයුරින් අවශ්‍ය ක්‍රියාවේ යෙදෙන රොබෝ යන්ත්‍ර ඇත්තේ සීමිත කොටසකි. මෙම සමාගමේ නිර්මානය කළ රොබෝ යන්ත්‍ර කිහිපයක් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ අතර එහි අලුත්ම නිෂ්පාදනයක්ද සිදුවෙමින් පවතී. නමින් Romeo.